දෝණි ......

එක හවසක නුබේ අම්මා ඇවිත්
හෙමිහිට ..........
රහසේම කිවා මට කනට කර
නුබ ඇවිත් ඉන්නා වග.......
ආදරේ සැමරුමත් අරගෙන...........

දන්නවා ද දෝණි මට
දැනුනේ නැහැ හිතට
ලොකු වගකිමක් ............
සතුට කින් පිරුනා පමනයි
මුළු තුන් හද ගැබේම........
නුබේ අම්මා ගැන ලොකු
ආදර කැක්කුමක් එක්කම.........

එක උදයක රෝස පාට
පුලුන් මල් රෙද්දක........
ඔතලා නුබ දෝතට දෙනකොට..............
මේ දැනුත් මට දැනෙනවා
ඒ දැනුන ආඩම්බර සතුට............
අප්පච්චි කෙනෙක්ගේ
වගකිම කැටිඋණ..............

ඔයාගෙ අම්මා කියනවා මට
දැන් ඉතිං ලොකු වෙයිලු දෝණි ව......
දන්නවා ද මගේ දෝණි ....
නුබ තමයි දැන් මගේ සන්තක............

පොඩි රෝස ඇගිලි තුඩු
වැදෙන විට........
රැවුල් කොට අතරතුර
මුහුණ ට.........
සෙනහසක් උතුරනවා දෝණි ට
ඇතුල් ගැබ හදවතත් පුපුරණ........

රැජින මගේ ලෝකයේ
නුබයි පණ.......
රකිනවා තියන් නුබ ඇස් යට.......
කියන්න ට තියෙනවා
රහසක් දෝණි ට........
කියන්න ට එපා එය අම්මා ට
ආදරේ මම මගේ දෝණි ට
ටිකක් වැඩියෙන් නුබේ අම්මා ට....

Comments