Posts

Showing posts from September, 2013

Fwd: Campas Kavi [18+]

Image
හන්තානට පායන සඳ අපට නැත... කොළඹ වගේ හැඩ පොෂ් බඩු අපට නැත .... ජපුරේ වගේ 1ට 3ක් අපට නැත ..... බිල ගත්තු ආතල් නම් එමට එත..... බිරිඳ මා ළඟ ඇතිවිට ඈ මාගේ දකුණු අත වැනියා ඈ මා ළඟ නැතිවිට දකුණු අත බිරිඳ වැනිය. කිසිදා කෙල්ලෙක් කැම්පස් යවනු එපා... යැව්වත් එවැනි කෙල්ලෙක් කිසිදා බදිනු එපා... බැන්දත් එවැනි කෙල්ලෙක් ලේ පැල්ලම් සොයනු එපා.. තිබුනත් එවැනි පැල්ලම් ලේ යය් සිතනු එපා... සිහිනෙන් පවා මගෙ සුඛවිහරණේ පැතූ රජවෙන්නට රජ මැදුරට ගියැයි සිතූ අම්මා දනීනම් මේ සරසවියෙ තතූ ගෙනගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතූ ඩීන් තුමා වැල්පාලමෙ යනකලට වැටෙයි ද සිතුනා ඒකා කුණු ඇළට අතේ තිබෙන පේපර් ටික පෙනුනි මට නොවැටේවා පතමි අපේ ඩීනා ඇළට පිපෙන්නට පෙර කැකුළ පරවී මිලානව වැතිරුනු දිනේ... හෙළූ රතු ධජ යලි නගාලනු සටන් ඇරඹුන පෙරමුනේපිපෙන්නට පෙර කැකුළ පරවී මිලානව වැතිරුනු දිනේ... හෙළූ රතු ධජ යලි නගාලනු සටන් ඇරඹුන පෙරමුනේ (80,90,දශකවල1ක්) ආලය සිඟමනකි නොසිඟන අය හිඟන ආලය ගිනිගොඩකි නොදැවෙන අය දැවෙන ආලය මරණයකි නොමැරෙන අය මැරෙන කාලය ගෙවනු මැන සොයුරනි හිතට ගෙන