Posts

Showing posts from June, 2012

What is True Love ???

ආදරය.... ජිවිතේ අපි දකින අපි අහන්න කැමති, විඳින්න කැමති සුන්දරම වචනයක්.... අපි කොයිතරම් ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ දැකලා තියනවද, අපි ආශ්‍රය කරපු ආශ්‍රය කරන කිදෙනෙක් ආදරය කරලා තියනවද ? ආදරය කරන කාලේ සුන්දරත්වය අපි එක්ක බෙදාගෙන තියනවද ?.....නමුත් ඒ අයගෙන් විවාහ උනාට පස්සේ තමන්ගේ විවාහ ජීවිතය ගැන සුභවාදීව කථා කරනවද ? මේක ටිකක් විතර නීරස වෙන්න පුලුවන්....ඒත් මේ ගැන විවෘත්ව කථා කලයුතුයි....අපිට බොහෝ විට මේ වගේ ගැටළු විසඳගන්න බැරි වෙන්නේ විවෘතව කථා නොකිරීම නිසා....අද දවසකට සිද්ධවෙන විවාහ ප්‍රමාණයයි... දවසකට උසාවියේ විභාග වෙන දික්කසාද නඩු ප්‍රමාණයයි ගැන හිතන්න... ඇයි මෙහෙම වෙන්න හේතුව... කෙනෙක් ඇතුලට එන්නත්, තවත් කෙනෙක් පිට වෙලා යන්නත් උත්සහා කරන්නේ ඇයි....මේකයි මම මගේ ඇහින් බලන්න හදන්නේ... බොහෝ විට ආදරයක් ඇතිවෙන්නේ අතරමගදි නිතර දකින, අපිට හමුවෙන, එහෙමත් නැත්නම් කාර්යාලයේදි, නැත්නම් පන්තියකදී දකින ‍දෙදෙනෙක්.... දැකීම තුල ඇතිවන සුහදත්වය ආදරයකට පෙරලෙනවා... බොහෝ විට මේ සඳහා මුල්වෙන්නේ පිරිමියා... කාන්තාව මුල් නොවුනත් පිරිමියාව පොළඹවනවා...ආදරය පටන් ගන්කොට බොහෝ විට කියන්නේ “අපි ද