Posts

Showing posts from November, 2010

Ellora Caves @ India

Image
එල්ලෝරා ලෙණ් {Ellora Caves} එල්ලෝරා ලෙණ් පුරාණ ඉන්දියානු එල්ලෝරා ගම්මානය ආශ්‍රිතව පිහිටි පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා ප්‍රසිද්ධ ස්ථානයක්....එය පස්වන සහ දසවන ශතවර්ෂ අතරතුර නිර්මාණය කරන ලද ලෙණ් 34කින් සමන්විතයි... ඉන්දියාව පැත්තේ ගියොත් යන්න අමතක කරන්න එපා.... -- >> http://janaka077.blogspot.com

ගණිකාවොත් පොශ් වෙලා

Image
Links : http://i54.tinypic.com/24pjhbc.jpg

incredible furniture

ලොව අටවන පුදුමය විය යුතු නාවක්‌කන්නි ළිඳ

Image
ලොව අටවන පුදුමය විය යුතු නාවක්‌කන්නි ළිඳ සාමයේ හිරු කිරණ උතුරු පොළෝ තලය සිසාරා පැතිර යමින් තිබේ. දසක තුනක්‌ තිස්‌සේම ඉරි තැලී ගිය එම බිම අද යළි එකතු වෙමින් ඇත. උතුරේ අයත් දකුණේ අයත් ඒ අසිරිය විඳින්නේ වදනින් විස්‌තර කිරීමට අපහසු තරම් ප්‍රබෝධයකිනි. යුද්ධය නිසා යාපන අර්ධද්වීපයේ බොහෝ ඓතිහාසික, සංස්‌කෘතික, ආගමික මෙන්ම බොහෝ ස්‌වභාවික ස්‌ථාන ද ජන මනසින් අමතක වී තිබිණි. දසක තුනකට මෙපිට නූතන පරම්පරාව ඒවා නොහඳුන අය බවට පත්වී ඇත. ඒ සාපලත් යුගය දැන් නිමවී තිබේ. එක ධජයක්‌ යට මෙම මව් රටේ සංචාරය කිරීම දැන් බාධාවක්‌ නැතිවම සිදු කළ හැකිය. වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සාධකය සාමයට කැමැති කිසිවකුටත් යළිත් අවශ්‍ය නොවන්නකි. වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ඉපිදී ඔහු කළ විනාශකාරී දේ අපමණය. ඒ නිසා අද ඔහු ද එම විනාශයේම ගොදුරක්‌ බවට පත්වී ඇත. නමුත් අප මෙම සටහන තබන්නේ ප්‍රභාකරන් ගැන හෝ වැල්වැටිතුරේ ගැන කතා කරන්නට නොවේ. වැල්වැටිතුරෙයි යන අතරමඟදී නෙත ගැටෙන ලෝකයේ ගැඹුරුතම ළිඳක්‌ යෑයි සැලකෙන ස්‌ථානය පිළිබඳ පවසන්නය. යාපනයේ සිට වැල්වැටිතුරෙයි යන අතර මගදී "නිලාවරිගම" නෙත ගැටෙයි. චුන්නාගම් හන්ද