Sunday, February 15, 2015

My Father is a hero



මගේ තාත්තා (ඩැඩි නෙවෙයි) ...
මට අවුරුදු 8,9 සිට
ඔෆිස් ගිහින් එනතුරු මට ටොෆි ගේනකං හවස 4 සිට මා ඔහු එනතුරු බලා සිටියෙමි.
උදේට වැඩට යන්න කලින් ඔහුගේ බයික් එකේ ගේ වටේ රවුමක් ඔහුව බදාගෙන මා ගියෙමි.
එසේ ගියේ නැතොත් එදා දවසෙම අම්මා සමඟ රණ්ඩු වේවි අඬ අඬා කාලය ගෙවුවෙමි.
ඔහු හවස එන්න පරක්කු උනොත් මා දුකෙන් රෑ කෑමද නොකා සිටින අතර ඔහු පැමිණීමෙන් පසුව මා ඔහු සමඟ ඔරොප්පු මුඩ් එකෙන් සිටියෙමි.
මට කවුරුන් හෝ මොනා හරි දෙයක් කිවුවොත් ඔහුට අතක් ඉස්සීමට ඔහු කිසි විටෙකත් දෙවාරයක් සිතන්නේ නැත.
අම්මා මට බනිද්දි ඔහු නිතරම මගේ පැත්තට කතා කර අවසානයේ අම්මගෙන් බැනුම් අසා ඔවුන් දෙන්නා රණ්ඩු වේ.
දවසක් මට සනීප නැති උනාම රෑ එලි වෙනකම් මගේ ලඟට වෙලා ඉස්පිරිතාලේ එක්කගෙන ගිහින් නැවත්තුවාම නිදා ගන්නේ නැතුව මහා රෑ එලි වෙනකම් කල් ගෙවුවේ ඔහුයි..
දෙන්න පුළුවන් හැමදේම ඉල්ලුව ගමන් නැතත් පුළුවන් වෙලාවට මට සියලු දේ අරන් දුන්නේ ඔහුයි.
සතියකට සැරයක් බත් එක්ක මස් කෑල්ලක් කන්න හැමදාමත් ඔහු අමතක කරේ නම් නෑ.


අවුරුදු 5 කට පසු
අම්මගේ උකුලෙමයි .. තාත්තා මාත් එක්ක කතා කරන්න්නෙත් නෑ...
මං කතා කරන්නෙත් නෑ..
තාත්තා එක්ක කතා කරොත් කරන්නේ තාත්තේ ඉස්කුරුප්පුනිය දැක්කද?පෙන් එක දැක්කද?
කලිසම දැක්කද?තුවාය දැක්කද?
ටෙලි නාට්‍ය වල වගේ කරට කර දාගෙන ඉන්න මට ලැජ්ජයි වගේ...
තාත්තාව බදාගෙන උකුලේ නිදා ගන්න ලැජ්ජයි...
මොන විකාරයක්ද මට පුළුවන්ය තාත්තගේ උකුලේ නිදාගන්න..
මං දුවෙක් උනා නම් ඔන්න තාත්තා එක්ක කරට කර දාගෙන ඉන්න තිබුනා...
ඒත් මොකද්දෝ කරුමෙකට අද වෙනකොට තාත්තා එක්ක සම්බන්ධ තාවය මට මිස් වෙලා...
ඒක ඇති කරගන්නත් බැරි තරම්..
මං දන්නවා මේ ලෝකේ මගේ පලවෙනි වීරයා ඔහු...
මට මොන දැනුමක් තිබුනත්
සමාජය ගැන මගේ තාත්තට වඩා දැනුමක් මට නෑ...
මට කම්ප්යුටර් එකේ ෆෝල්ඩර එකක් create කරන්න පුළුවන් උනාට
තාත්තට මුළු පවුලක්ම කරගහගෙන යන්න හයියක් තිබුනා...
සමහරවිට මාත් දවසක අද තාත්තා ඉන්න තැනට යයි....
මුලින් කඩවල් වල සිකියුරිටි රස්සාවක් කරලා ඒ ගමන් වේටර් වැඩෙත් කරලා
තාත්තා අද ලොකු ගමනක් ඇවිත් අද වැදගත් මහත්මයෙක් විදියට රජයේ ලොකු රැකියාවක් කරනවා...
අමාරුවෙන් ඇඳ ගත්ත සෙරෙප්පු කෑලි දෙක දාගෙන ඉස්කෝලේ ගිහින් එකම කලිසමයි ෂර්ට් එකයි හැමදාම හෝද හෝද ඇඳගෙන තාත්තා කාපු කට්ට මට කන්න ඉඩ දුන්නේ නෑ...
තව අවුරුදු ගානකින් මාත් තාත්තා කෙනෙක් වෙයි...
එයාලාට දුක් විඳින්න හේතුවක් නෑ එදාට..
ඒ ළමයින්ගේ ළමයින්ට හොඳ දියුණුවක් තියෙයි...
ඒත් හැමදේම කරගන්න මුල් ශක්තිය උනේ මගේ තාත්තා...
බොරුවට මසල්ස් හදාගෙන ඔහු වීරයෙක් උනේ නෑ...
ඇඟ පත නොතිබුනාට ලොකුවට ඔහුගේ හිතේ ශක්තිය ජෝන් සීනාටවත් නැහැ කියලා මං ඉර හඳ වගේ දන්නවා...
මගේ ලෝකයේ හිරු ඔබයි...ඒත් අද ඒ ඉරට මට කිට්ටු වෙන්න බැරි කියාගන්න බැරි හේතුවක් දුවනවා...

ගොඩක් පුත්තුන්ගේ කතාව මේක මං දන්න තරමින්...
අපිට අද ඔබේ ආදරය රැකවරණය දැනෙන්නේ නැතුව නෙමෙයි...
ඒත් ඒක පෙන්නන්න අපිට ලොකු හයියක් නෑ...
ජිවිතයේ ආයෙත් මොන ආත්මෙක ඉපදුනත්
මං ප්‍රාර්ථනා කරන්නේ එකම දෙයයි.
මේ ආත්මේ හම්බ උන තාත්තම මට ආයෙත් ඉපදෙන හැම ආත්මෙකම දෙන්න පුලුවන්නම් ??

< Copied from a Blog >


Sunday, November 30, 2014

Three Wheel Talks - 1


වෙලාවකට පිස්සු වගේ

වලංකාරයා මාසෙන් හදන දේ පොලුකාරයා දවසින් කඩයි

ගෑනුත් හරියට පාන් වගේ, මෙලෝ රහක් නෑ හැබැයි ගණන්

අපෙන් ළිඳ අහල නාපු එවුන් අපිට දැන් ළිඳ පෙන්නන්වා

දෙයියො දෙනකොට භූතයින්ට මළ

රම්පෙට පොරි පොකුරු පොකුරු

60ත් වයසක්ද

හක්කේ බුදුරැස් බොක්කෙ දඩ මස්

වැරදුනා මිසක් පැරදුනේ නැත

ජීවිතේ මල් මාව‍‍තේ ගල්

කළාවැවේ නිල් දියවර අපෙ අම්මා

අයියා පාතාලේ මං ඉස්කෝ‍ලේ

සැප සිංගල් දුක ඩබල්

ළඟින් ගියොත් ඇහැක් නෑ ළඟ හිටියොත් දෙකම නෑ

නීතිය නෑ ආතල් දන්නේ

වයසට ගියත් මම හවසට ගෙදර

ටකරං කාපු අපට පපඩම් කජ්ජක්ද

උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ

ඇත්තනං ඇත්ත කියහං බොරුනම් බොරු කියහං

Frame එක දිරයි.. Name එක නොදිරයි

උඩින් යන්න ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ත්‍රීවිල්වල ටයර් මිසක් තටු නෑ එන්නේ

තරුණ කාලේ ආදරය ද , වැඩිහිටි කාලේ දියවැඩියාව ද , සාමානය්‍ය දෙයකි

කෑවොත් නිදිමතයි නැගිට්ටොත් බඩගිනියි

මට හොඳ නම් තොට මොකෝ

ඈත ඉන්න මිතුරාට වඩා ලඟ ඉන්න මිතුරාගෙන් ප්‍රවේසම් වන්න

මුදල් රජයන් විට සත්‍යය නිහඬවේ

සීනි දිය වුනත් ගෝනි දියනවෙන්නෑ මල්ලි

ප්‍රමාදය විනාශයට හේතුවේනම් ඉවසීමෙන් සැනසීම ලැබේ කියපු එකා කවුද

ගල්ලා චන්ඩියා වෙන්නෙ බාල ලෑල්ලෙදි පමණි

සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලේ රිලවුන්ටත් LOVE කරයි

මිණි මුතු අගෙයි හැම තැන නැති හින්දා - අපි කළු ගල්ද හැම තැන හමුවෙන හින්දා

අපිට නැතත් ගස්වල තව මල් පිපියන්

ගොළුවෙත් කථා කළා මට ඇති දාට... කථා කරපු අය ගොළුවුනා මට නැති දාට...

මට මගේ නොවුනු මගේම "ත්‍රීවිල්" එකක් තිබුනා

හදා ගන්න අරන් යන්න ඉල්ලනවා මාව, කැඩිල කියල දැන ගත්තම දාල යනව මාව

නැන්දම්මේ........ දුව දෙනවද..?

කොටියා නිදි ඇහැරවන්න එපා

අලංකාර බොරු කීමෙන් බයංකාර තොප්පි වැටේ

තිරිසන්නු වැනි මිනිසුන් අතරේ දෙවියන් වැනි මිනිසුන්ද ඇත

පාන් කෑවොත් ඔහොම්මයි

ඔබ වෙනුවෙන් නොනිඳන මිනිසා

අපි පොල් ගහට නැග්ගත් දෙබලක්

පුංචි අපිත් හරි ආසයි හයියෙන් යන්න

හිමිවුනු ඔබ මට අහිමි වෙලා

දියුණුවේ රහස උත්සහය මිස ඉර්ෂියාව නෙවේ

ඔයා නම් කියයි අම්මා බනින්නෙ මට නේ

රෝද තුනක් උඩ සිහින ගොඩක් ඇත

හොඳ ඇපල් කන්නෙම පනුවෝ

අතන් පයක් වගේද මල්ලි කකුලක්

තිත්තයි කියා කියා කරවිල කන්න එපා
ඇඹුලය් කිය කියා දෙහි මිරිකන්න් එපා
මුතුඇට කියා කියා ගල් අහුලන්න එපා
චරිතෙට මිසක් රූපෙට රැවටෙන්න එපා

ණය දීමෙන් මිතුරාත් මුදලත් බිරිඳත් නැතිවේ

අනේ වැඩක් බලාගෙන යනව මනුස්‍සයො යන්න

ඇයි අවුල්ද රත්තරං

ඇද්ද මල්ලි

ඵල නෙලුවට කමක්නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

බොක්කෙන් මල් කඩපුවෙලේ කොක්කකින් පොල් කැඩුවනම් මාත් අද ලොක්කෙක්

මගේ ලෝකෙ රජ්ජුරුවෝ ඔබයි තාත්තේ

ලෙඩ්ඩු පිස්සු කෙලියට ඩොක්ට පිස්සු කෙලින්නෑ

මට නුඹ විතරක් වැනිට නුඹට ඉන්නෙ මං විතරද

යාළුවනේ....
කමු බොමු ප්‍රීති වෙමු තනි තනිව බිල් ගෙවමු

ඇස්වහ නෑ කටවහ නෑ

කවි නෑ... වැකි නෑ... සීපද නෑ...
සාක්කුවෙ බ්ලේඩ්තල නෑ...

අම්මා රත්තරං ඇයි තාත්ත පිත්තලද...?

දැවටෙන්නෑ පැටලෙන්නෑ ඇතිල්ලිලා අපි යන්නෑ

අතහිත ලොකු අයියා දුන්නේ

උදේ හවා පාර පුරා ඔබ සොයනා විට ලඟ ඉන්නා.

පිඹගෙන එන්නේ ඉඹගෙන යන්නද...?

ඔබ පහුවුනා නොවේ මා ඔබ පහු කළා නේද....?

සම්බුදු සරණයි එංජිම පරණයි

සුද් කකුලයි කොට සායයි හරි අවදානම්

බුදු මල්ලියේ ඈතින් වරෙන් - ලීස් එක ඉවර වුනාම රේස් යමං

පුංචිකමට දඟ කලාට ගනන් ගන්න් එපා ඔන්න්...

හයියෙන් එන්නෙ ඇරල යන්නද

පිපිච්ච මල් උනත් පැහිච්ච කොල්ලො කඩන්නෙ හිතිච්ච වෙලාවට

වීල් එකේ ඉඩත් නෑ.. දාලා යන්න හිතෙන්නෙත් නෑ..

ඉගිලෙන්න තහනම් නම් දුරක්, ඇයි දුන්නෙ මට ලයි..සොන් එකක්

ලීටරේ 50 යි චාටරේ 20 යි

හදවත හොඳයි., චුට්ටක් දඟයි.

කෙල්ලෝ කපටියි. කොල්ලෝ ලපටියි.

ඇතිදා වවුලෝ එල්ලිලා කතී. නැතිදා වවුලෝ ඉගිලිලා යතී.

මිනිස්සු ගොඩයි. මනුස්සයෝ ටිකයි.

රත්තරං අම්මා තාත්තාගේ බෝනික්කී

සුදූ මොකද ඔබ ඔතරම් මලානික
කාගේ කීමකට වැටිලද මුලාවක
පෙම් ගග ඉතිරී පැතිරී යන වෙලාවට
බල බල ඉන්න දෙනවද ඔබේ ෆොටෝ එක

හිත හොද නම් කොහෙත් එකයි

ඔයා යන්න මං එන්නම් මෙයත් එක්ක

හිතන්න අමතක කරත් අමතක කරන්න හිතන්න එපා

හමේ පාට වෙනස් උනත් කදුලේ පාට එකමයි

අනේ මන්දා සුවද සබන් කොච්චර ගෑවත් සුදු නෑ

මංකල වරදට ඇයි අම්මට බනින්නේ

හදවත උණුවන පොලිස් මහත්තුරු සැමදා දෙවියන් රැක දේවා

සල්ලි වගේද නංගි අපි

සුනාමියට අහුවෙච්ච මට ගංවතුරත් කජ්ජක්ද?

උප්පත්තියයි විපත්තියයි අතරේ ප්‍රතිපත්තිය නැතිනම් මහ නස්පැත්තියක්


--

Thursday, September 19, 2013

Fwd: Campas Kavi [18+]

Inline images 1
හන්තානට පායන සඳ අපට නැත...
කොළඹ වගේ හැඩ පොෂ් බඩු අපට නැත ....
ජපුරේ වගේ 1ට 3ක් අපට නැත .....
බිල ගත්තු ආතල් නම් එමට එත.....

බිරිඳ මා ළඟ ඇතිවිට
ඈ මාගේ දකුණු අත වැනියා
ඈ මා ළඟ නැතිවිට
දකුණු අත බිරිඳ වැනිය.

කිසිදා කෙල්ලෙක් කැම්පස් යවනු එපා...
යැව්වත් එවැනි කෙල්ලෙක් කිසිදා බදිනු එපා...
බැන්දත් එවැනි කෙල්ලෙක් ලේ පැල්ලම් සොයනු එපා..
තිබුනත් එවැනි පැල්ලම් ලේ යය් සිතනු එපා...

සිහිනෙන් පවා මගෙ සුඛවිහරණේ පැතූ
රජවෙන්නට රජ මැදුරට ගියැයි සිතූ
අම්මා දනීනම් මේ සරසවියෙ තතූ
ගෙනගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතූ

ඩීන් තුමා වැල්පාලමෙ යනකලට
වැටෙයි ද සිතුනා ඒකා කුණු ඇළට
අතේ තිබෙන පේපර් ටික පෙනුනි මට
නොවැටේවා පතමි අපේ ඩීනා ඇළට

පිපෙන්නට පෙර කැකුළ පරවී
මිලානව වැතිරුනු දිනේ...
හෙළූ රතු ධජ යලි නගාලනු
සටන් ඇරඹුන පෙරමුනේපිපෙන්නට පෙර කැකුළ පරවී
මිලානව වැතිරුනු දිනේ...
හෙළූ රතු ධජ යලි නගාලනු
සටන් ඇරඹුන පෙරමුනේ (80,90,දශකවල1ක්)

ආලය සිඟමනකි නොසිඟන අය හිඟන
ආලය ගිනිගොඩකි නොදැවෙන අය දැවෙන
ආලය මරණයකි නොමැරෙන අය මැරෙන
කාලය ගෙවනු මැන සොයුරනි හිතට ගෙන

ඉවසන දනා රුපු යුධයට ජය ....... කොඩිය
එය කිවු එකාගේ කට කෑවත් ............ මදිය
ඉක්මන් උන එකාහට බඩු හත .......... අටය
ඉවසපු මම තාමත්තනිකඩය...........

හොදයි නුඹ ගිය එක නැවතීමේ තිතක්වත් නොතබාම තියා එතනට ලොකු කොමාවක් ලිය ලියා මකමි මක මක ලියමි කෙදිනකවත් සැබෑ නොවන සුරඟනකතාවක අවසානයක්...

ක්රෑම දාන විට බොග සෙට්වෙන්න එපා
අතේ සතේ නැති විට බඩගිනි වෙන්න එපා
මෙදා පොටේ එග්සෑමය ඇනෙනු එපා
යළිත් මේ බිමට එන්නට සිදුවන්න එපා

කැම්පස් ආවෙ පූරුවෙ කළ පව හින්දා...
දහඩිය දම දමා ලෙක්චර්ස් ගිය හින්දා...
චාටඩ් කළේ ඒ පව තව වැඩි හින්දා...
මේ හැම කළේ අම්මේ මම නුඹ හින්දා...

දුම්බර කන්ද බැසගෙන ආ ටිකිරි නගා
අන්දර කැලේ වැට ගාවදි දුටුව නගා
සිනහ පපා මුකුලු පපා හිටිය නගා
අපට නොදී සීනියර්ට දීපු නගා

පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
ලුණුයි පානුයි සැරියුත් මුගලන් වේවා
මලකඩ වතුර නේරංජා ගඟ වේවා
බෝංචි මුදලාලි අජරාමර වේවා

සෝරතය පැත්තේ
හොද හොද *තුය ඇත්තේ
අපිට පින නැත්තේ
අනේ *ත්තේ මහන් තත්තේ.......

පළමු වසරෙ ඈ ගියෙ බිම බලාගෙන
දෙවන සෙමෙස්රේ කොක්කක් දමා ගෙන
දෙක තුන වසර වල හොද හැටි *කාගෙන
ඩිග්රියටත් කලින් පැටියෙක් හදාගෙන

ඇතැම් කෙල්ලන් සිග්නල් නැති ෆෝන් එකක් මෙනි, ඒවායෙන් කල හැක්කේ ගේම් ගැසීම පමණි.

ලටෙක් වුන්ට තෝතැන්නකි යූනියන්
පට්ට යක්කු අරක් ගත්තු යූනියන්
කැට සල්ලිත් පිල්ලි ගහන යූනියන්
ගමේ එවුන් කඩේ යවන යූනියන්

පළමු වසර සිවුරක් හිමි
දෙවන වසර සිව්ර අහිමි
තෙවන වසර බඩුවක් හිමි
අවසන් වසර දරුවෙක් හිමි

ආවේ ගෙදර සිට ඩිග්රිය අරගන්න
කෑවේ පාන් අප හට නැත බත් කන්න
කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න
කවුරුද කැමති මට බත් අම්මා වෙන්න

ගන්ජ කූර සුදු වස්තුව සද වැනිය
හතරැස් ගල් කැටේ මට නැතුවම බැරිය
සිගරැට් රන් කොටේ සීතල දුම් ගුලිය
ඇයට වැඩිය තොල් ඉරුවේ නුබය

පොල්ලෙන් ගැහුවෙ මාතර පොලිසියෙ PC..
මුනිවත රකී තාමත් අපෙ DVC..
පියා නිදිද අපෙ කාගෙත් සංවේදී...
මිනී මරයි කුලියට රුහුණේ VC..

ඩිග්‍රිය ගන්න කැන්දා
තවත් කල් යයිද මන්දා
අනේ ඒ හින්දා
ඔන්න මම නම් ඊයේ බැන්දා

සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය
තුන් අවරුදු කළේ කටු කන උන් හැත්ත
තවත් ඉමුද කොදු අකුලන් නිදාගෙන
වරෙව් පෙරට රැකගන්නට උපාධිය.

නහය වසාගෙන ඕපනයට ආමි
මෙහි ඇති සොඳුරු නන්නත්තාරය දුටිමි
පොත් ඇත ටියුට් ඇත මං ලොකු තරු දුටිමි
සබ්මිට් ඩේට් දිගු වේවා සුභ පතමි

දහසක් බුදුන් බුදුවන මල් පිපි යාමේ
යනවද මචං පීනස් තෙල් වෙළදාමේ
අද බැරි වුනත් හෙට ලැබ ගමි නුඹ ප්‍රේමේ
එක් දිනයකින් ගොඩ නැගුවේ නැත රෝමේ
‍‍
කෝස් එකට යට වීලා මෙහි සිටියත්
එක අතකට මරු ආතල් මේ දිවියත්
කෑල්ලකින් ඇණ වීලා චොර වුවත්
සතුතින් හිදිමි ස්බ්ජෙට් ඇණ වී සිතියත්

විභහගය අත ලග
අත පොත ලග
පොත හිත ලග
හිත ඈ ලග
ඈ ඌ ලග

දේශන මොටද මතකයෙ රඳවන්න බැරි
සටහන් මොටද කියවා නිමවන්න බැරි
බුද්ධිය මොටද සිතනා දේ කරනු බැරි
ඩිග්රිය මොටද රැකියාවක් ගන්න බැරි

කෑවද බීවාද අසමින් නිත් සෑමා
යන එන මඟදි එන සෙවනැල්ලක් සේමා
මිතුදම් එකත බැඳි විලසත රන් දාමා
මතු සසරෙදිත් හමු වේවා මගෙ රූමා

නොකියා බැරි කමට මළගම කාටත් කීවා
හරියට මාසයක් ඔත්පල වී උන්නා
කඳුලින් පැන් වඩා පින් පෙත් පැමිණෙව්වා
අපේ පෙම් පුවත ඊයේ මිහිදන් කෙරුවා

හඳ පායලා තිබුනාවූ මහ රෑ ක
වල බලන්න මම තනියම ගිය දාක
බැ බෑ කියද්දිම දාගෙන පඳුරකට
ඇස්කොට් අය්යා මට වැලි ගොඩ දැමු සේක.

නරියා හූ කියයි ඩිග්‍රිය ඌට නැත
එළුවට රැවුල ඇත campus ආවේ නැත
මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත
සහතික පමණි ඩිග්‍රිය නම් පලක් නැත

නිදිමතට ලග ඉන්න...
බැන බැනා පාඩම් කරවන්න...
ඔලුව අත ගා ගන්න...
නෑ කෙනෙක් ලග පාත...
අතේ වෙලිලා ඉන්න...
මගේ කන මිරිකන්න...
නැහ ලගක පෙම්බරිය...
ගිහින් ඇත කුප්පියක...

ගත ඇත සිත නැත
සිත ඇත ගත නැත
ගත සිත ඇති ළද
මට කැමති නැත

රිසි පුළුලුකුල රියසක යුරු තිසරු තන
පියයුරු බරට ඉගසුග වැහැරී ගොසින
දිසි වැදිරියකි රූ සිරියුත් ඒ අගන
ඇසිපිය හෙලන පමණින් නොවෙති හොල්මන

ගුණ්යේ ගුණය අගුණය ගුණය
ගුණයේ ගුණය දුටු මිනිසා අසරණයි
මම ගුණමකුය ඒ මගෙ පූරුවේ පිනය
මට දුක උඹට ඒ පින නැති එක ගැනය

කෙල්ලෝ සැප කඳ ය ....
ඉන්නා කල වද ය ..
නැති උණු කල දුක ය ..
කොල්ලන් නැති වේ ය ..

Thursday, November 22, 2012

Story of True Love

අවන්කවම අදරෙ කරලා දුක් විදින කොල්ලන්ට හොද ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්.....අවසානය තෙක්ම කියවන්න

වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්...//

ඉවුරු දෑළේ හිද බැලුවිට ගග හැඩයි කදිමයි,
දියටවන් විට එවන් ගගුලම බිහිසුණුයි,චන්ඩයි...

වියෝවු පසුවයි....

හදක් නැතිදා අහස්තලයට තරුවදේ සැනසුම්,
පුන්පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...

වියෝවු පසුවයි...

හමාගෙන එන සුලන් රැල්ලේ දැවටිලා ආපු මේ ගිතයේ හඩට මම දැහැන් ගතව උන් කල්පනාවෙන් මොහොතෙන් මිදුනා. සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන මේ ගිතය ඇත්තටම මොහතකට් මා ඈත ඉසව්වකට ගෙනගියා.

ඉස්සරම දවසක ඉර බැහැගෙන යන හැන්දෑවකදි ඔයා මගෙන් සමුගෙන ගියා. හරියටම කියනවා නම් නුවර ස්ටැන්ඩ් එකේ ඒ කියන්නේ ගුඩ් ශෙඩ් එකේ පුජාපිටිය බස් හොල්ට් එකේදි. මතකද එදා ඔයා ඇදගෙන හිටියේ සුදු පාට රෙද්දේ රතු පාට මල් වැටුන ගවුමක්.

" අහන්න මට ඔයාව දාලා යන්නම වෙනවා අයියේ.. දන්නවනේ අපේ ලොකේ කොච්චර අමාරුවෙන් අපි හැදුවත් අපි ඒක හැදුවේ වැල්ලේ. ඔයට ඔයාගේ ජිවිතේ මියුසික් උනාට ඔය මියුසික් වලට අපි දෙන්න බැන්දම අපට කන්න දෙන්නේ නෑ. ඔයාට ජොබ් එකක් නෑ. මම ඔයාගේ ලොකෙට ඇවිත් දුක් විදින්න බෑ. මම ගොඩක් දුක් විදපු කෙල්ලෙක්. තවත් ඔයාගවට ඇවිත් දුක් විදින්න බෑ. අහන්න මමත් ආසයි අනිත් කෙල්ලො වගේ ලස්සනට අදින්න.....ඒත් දුප්පත් අපිට ඒවා දෙන්නේ නෑ. මම ඔයාගේ ගවට අවේ ඒවා මට ලබගන්න හිතගේන. එත් මාසෙකට සැරයක් ඔය කොහේ හරි ශෝඑකකට ගිහින් ගේන රුපියල් දහෙන් අපිට අපේ ලොකේ හදාගන්න බෑ "

" නදි අහන්න මේ මම පටන් ගත්ත විතරයි. ඉස්සරහට එහෙම වෙන එකක් නෑ.... ඔයා දන්නවානේ ඔ ලෙවල් විතරක් කරපු මට වෙන ජොබ් එකක් නෑ කියල....ඒත් මම පුලුවන් විදිහට හොයාගත්තු එකත් මම ඇදුමක් වත් ගන්නේ නැතුව ඔයට නේද ගෙනත් දුන්නේ නදී....."

" අහන්න අයියේ ඔයා දැන් අවුරුදු තුනක් ම කීවේ පටන් ගත්තා විතරයි කියලා. තවත් ඉස්සරහටත් ඔයිට වඩා දෙයක් කියන්නේ නෑ.... ඒක නිසා තවත් කතාකරලා වැඩක් නෑ බස් එක යන්න හදන්නේ මම යන්වා "

සිව් වසරක ආදර කතාවක් නිමා කරපු නදීට ඒක සාමාන්‍ය දෙයක් වගේ කිසි දුකක් නැතිව සමුගෙන යන්න හදද්දි මට අදහා ගන්න බැරිවයි උන්නේ. ඇත්තටම මේ මම ආදරය කරපු නදීද......

" නදී මාව දාලා යන්න එපා... මම පුලුවන් විදිහට බස් එකක සින්දු කියලා හරි ඔයාට කන්න දෙන්නම්. අනේ ප්ලීස් මාව අසරන කරලා මාව දාලා යන්න එපා නදී.... "

මම ආදරේ වෙනුවෙන් ඇගේ දෙපාලග වැද වැටුනෙමි. පලක් උනේ නෑත. ඇය නැවතුනේද නැත, ඇය සමුගෙන ගියාය. මම ගුඩ්ශෙඩ් එකේ බස් අතරින් පුජාපිටිය බස් එක නොපෙනී යනකල් බලාගෙන උන්නේමි. මම මටම ශාප කර ගතිමි. මට මෙහෙම උනේ මගේ නැතිබැරි කම නිසා. මම ඉගෙන ගත්තේ නැති නිසා. ඉගෙන ගන්න පන්ති යන්න තියා පොත් ටික ගන්නවත් සල්ලි දෙන්න පුලුවන් කමක් අපේ තාත්තට නොතිබුනාට එයාට බොන්න කාලේ ගාන හොයාගන්න එයාට පුලුවන් උනා.

ජිව්තේ එන්න එන්නම කටුක වෙන්න ගත්තා. ගෙදර තත්වේ දරුනු උනා. ඒ නිසාමද කොහෙද මම තිරනය කරා මගේ ගිටාර්ය ඇරගෙන බස් එකේ සින්දු කියන්න යන්න. මාස ගානකට පස්සේ ඔයා මාව දාලා ගියපු පුජාපිටිය හොල්ට් එක මැදින් කොලඹ බස් හොල්ට් එකට ඇවිදන් ගියා. මගේ නෙත් ඔයාව පොඩ්ඩක් හරි පෙනේවි කියල හෙව්වත් ඔයා උන්නේ නෑ. මම කොලබ යන්න සුදානම් බස් එකකට නැගලා රියදුරු මහතාගෙන් අවසර ගත්තා. මහ සෙනගක් නොවුනත් සීට් ගානට සෙනග උන්නා.

සැමට දළදා හමුදුරුවන්ගේ පිහිටයි රැකවරනයි. රිය පදවන ඒ දැත්ටත් ටිකට් කඩන ඒ දැතටත් ඒ වගේම මේ රතයේ ගමන් ගන්න ඔබටත් මේ ගමන අවසාන වෙනතුරු කරදර අනතුරු ඇතිනොවී යන ගමන සතුටින් යන්න ලැබෙන්න කියලා පාර්තනා කරන ගමන් මටත් දෙන්න පොඩි සහයොගයක්. මම මේ බස් එකට නැග්ගේ ඔයාලා මේ යන ගමනේ නිදස නැති කරන්න නෙමේ. මම දන්නා විදිහට ගිතයක් ගායනා කරල කීයක් හරි හොයගන්න.එහෙනම් මේ ගිත කිපය අහලා හොදයි කියල හිතෙනව නම් දෙන්න ඔනි කියලා හිතෙනවා නම් කියක් හරි දීලා යන්න.

අපි මේ ඉන්නේ දළදා හමුදුරුවන්ගේ අඩවිය. එහෙනම් අපි දළදා හමුදුරුවන්ගේ පිහිට ලබාගමු. ඒ පිහිටෙන් ඔබ යන ගමන බිමන බලපොරොත්තු සර්වප්‍රකාරයෙන් සාර්තක වෙන්න කියලා මම මුල්ම ගිතය විදිහට මම ගායනා කරනවා මේ ගිතය


මගේ රටට දළදා හිමි සරනයි ........... මගේ දැයට දළදා හිමි සෙවනයි ........ සතුටින් සපිරුනු නිවහල් දෙරනයි ..... උපතින් මා හට මේ හැම උරුමයි .....



මම ගිතය අවසාන කරා ම්ලගට තොර ගත්තේ අම්මා ගැන ගිතයක්

අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා
ආයෙත් මං උපදින හන්දා
මගෙම වෙන්න අම්මා
අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා....

යස ඉසුරට ලොබ බැද ලංවුන
අඟනුන් ඇයි අම්මේ මට පිටුපාලා ගියේ
ලෙඩ දුක් කරදර මා වටක‍රගෙන
ඒත්මගේ අම්මා මගේ ලගම උන්නා....

මහළු මඩම් මොකටද මගෙ අම්මට
මමම සුවය දෙන්නම්
ඔබගෙ ලඟම ඉන්නම්
මේ භවයෙදි පැතුම් පතන්නේ
මතු භ‍වයේ අම්මේ ඔබේම පුතු ‍වෙන්නයි....

අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා
ආයෙත් මං උපදින හන්දා
මගෙම වෙන්න අම්මා
මේ සස‍රෙදිත් ඔබයි මගෙ අම්මා
මතු සසරේදිත් ඔබයි මගෙ අම්මා....



ඇත්තටම මම හොදට ගායනා කරන්න ඇති. මොකද සැවොම අසනා බවක් පෙනුනේ . මිලගට මම තොර ගත්තා ආදර ගිතයක්. මේක විරහ ගීතයක්.



ඔබ මා හමු උන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මල දවසට
මගෙ ලඟ තනියට හිනු මැනවි...
මේ ගිතය අවසාන වෙද්දි මගේ ඇස් ලාවට තෙමී ගියේ අහේතුකවයි. ඒ වෙන කොටත් මගේ අතේ රුපියල් පනහේ කොල කිහිපයක්ම අතේ ගුලි කරලා තිබුනි.

ගිත තුනක් ගායනා කරා මම ඉස්සරහ පේරාදෙනියෙන් බහින්න ඔනි. මම ඔයාලා ලගට එන්නම්. පුලුවන් නම් මට කීයක් හරි දෙන්න. නොදුන්නා කියා තරහක් නෑ.

නොදී උන්නු කිසිවෙක් නොවුනි. හැමොම කියක් හරි මුදලක් ලබාදුනි. මම ඇල්ලු කැප් එක පිරෙන තරමට මුදල් ලැබුනි. අන්තිම සිට් එකේ කෙලවරේ උන්නු අයට මුදල් දෙන්න මම කැප් එක දික් කලෙමි. පසු පස අසුනේ කොල්ලෙක්ගේ අත අල්ලාගෙන උන්නේ නදීය. ඈ විවාහ වී ඇති බව අත රැදි මුදුවෙන් දුටුවාය. මම ඇගේ සැමියා පර්ස් එක අදිද්දි මම හිස් වැසුම ගතිමි. මල්ලි ..... කියා මට මුදල් දෙන්න හැදුවත් මම මුදල් නොගෙන දොර ලගට ආවෙමි.
ගනන් කරලා මාරු සල්ලි ටික දීපන්... මල්ලි
කොන්දොස්තර මහතා මට කීවාය.
නරක නැත පලවෙනි ට්‍රිප් එකටම රුපියල් පන්සිය හැට තුන්ක් එකතුව ඇත. මම මුදල් කොන්දොස්තරට දී මාරු කර ගතිමි. මම පේරාදෙනියේ බහින්න බෙල් එක ගැහුවා පමනි. කෙනෙක් මට කතා කලේය.
" පුතේ හවසට මට මේකට කොල් කරපන්.........."
ඔහු දුරකතන අංකයක් මා අත පත්කලේය.

සැහෙන මුදලක් දවස අවසානයේ එකතු කර ගතිමි. දවසම සිංදු කියා හොදටම හෙම්බත්ය. උගුරා බැරන්ඩි වී ඇත. මම සක්කුව ඇද්දේ සල්ලි කියක් ඉතුරුද බලන්නටය. මට කොලයක් හමූවුනි. මම ඒ කොලය ගතිමි. ඒ දුරකතන අ\කයය. මම ඇමතුමක් ගත්තේ ගුඩ් ශෙඩ් එකේ මහියන්ගන හොල්ට් එකේ ට්‍රයිටෙල් එකෙන් පහක් දමාය.

හෙලෝ........
කවුද .......අනෙක් පසින් ඇසීය
මම අර බස් එකේ සින්දු කිවේ මහත්තය අංකේ දුන්නේ '

හා පුතේ මම .......... හෙට කොළඹ එන්න අපේ ගෘප් එකේ සින්දු කියන්න.

මම පුදුම උනෙමි. මොහු ලංකවේ සන්ගිතයේ පොරකි. ජනප්‍රියම සංගීත කන්ඩායමේ අයිති කරයය.
එතන් සිට මගේ ලොක්ය හැදුනි. මම හොද තැනක් හදා ගතිමි. සංගිතයේ නම්ක් දිනගතිමි.
දිනක් මම මගේ ආයතනයට එන කොට පුරුදු රුවක් දුටුවෙමි. ඒ නදි අප ආයතනයේ ලොබියේ උන්නය. කතා නොකර යන්නත් හිතා මම කත කලෙමි.

මොකද නදී මෙහේ......

අයියා මගේ මහත්තය මෙහේ වැඩ කරන්නේ

එවිටම මගේ සේවකයෙක් මට සුභ උදැසනක් පැතුවාය.

සර් මේ මගේ නොනා... මට අද හොස්පිටල් යන්න ඔනි. නොනා එක්ක. නිවඩුවක් ගන්න පුලුවන්ද

හා ගන්න.......

මම ඇය දෙස බැලුවෙමි. ඇය පුදුමයෙන් මාදෙස බලා උන්නාය.
ඇගේ සැමියා ඇතුලට ගියාය.

නදී........ ඔයා ඇහුව නේද ඔයාගේ මුල අවසානේ මොකක්ද කියලා මේ අවසානේට පෙර... මම් අද මේ හැමදේම කරා. ඒකට ශක්තිය දුන්නේ ඔයා. එදා මාව අත්මගරුත්වේ බින්දුවට ඇදලා දාපු දවස්සේ අද මම ඔයාට වඩා ලස්සනට ජිවත් වෙනවා කියලා මතක තියගන්න —

කෙල්ලො යනු වෙස් මුහුණක් පැළඳ කරන නාට්‍යක් වැනිය.ඒ වෙස් මුහුණ පිටුපස ඉන්න කෙල්ලො පිලිබඳව සැබෑවටම හඳුනන්නේ ඒ කෙල්ලම පමණයි.

මෙම ලිපිය උපුටා ගත්තේ මධුර ප්‍රසන්න බන්දුසේන ගේ ටයිම්ලයින් එකෙනි