පෝස්ටර් කන පාරේ සිටින එළුවන් වෙනුවට ගස් යන එළුවෝ
පෝස්ටර් කන පාරේ සිටින එළුවන් සාමාන්‍ය දසුනක් වුවද, ගස් යන එළුවන් ගැන අසා තිබේද? වෙනත් රට වලට නම් මෙය අමුත්තක් වුවත් මොරොක්කෝවට නම් මෙය සුලභ දසුනකි.මොරොක්කෝවට ආවේනික එළුවන් වර්ගයක් වන ටැම්රි එළුවන් එරට වැවෙන ආගන් ගස් වල නැග සිටින අයුරු නිරන්තරයෙන්ම දැකිය හැක.
ඔවුන් මෙලෙස මෙම ගස් වල සිටින්නේ ආගන් ගස් වල කොළ හා ගෙඩි කෑමට ඉතා රුචිකත්වයක් දක්වන නිසයි.කෙසේ වෙතත් මේ හේතුවෙන් මොරොක්කෝ වැසියන්ගේ ආර්ථිකයට පහරවැදී ඇති බව වාර්තා වේ.ආහාර, ඖෂධ හා රූපලාවන්‍ය ආලේපන නිෂ්පාදනය කිරීමට ආගන් ගසේ කොටස් වලින් නිපදවන ආගන් තෙල් යොදාගන්නා අතර, මෙය ලෝකයේ මිල අධිකම තෙල් වර්ගයකි.
කෙසේ වෙතත් එළුවන් විසින් මොරොක්කෝවේ ආගන් ගස් වල කොළ සම්පූර්ණයෙන් ම කා දමන හෙයින් මෙම තෙල් නිෂ්පාදනයේ යෙදී සිටින ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

Comments
Post a Comment