My Father is a hero
මගේ තාත්තා (ඩැඩි නෙවෙයි) ... මට අවුරුදු 8,9 සිට ඔෆිස් ගිහින් එනතුරු මට ටොෆි ගේනකං හවස 4 සිට මා ඔහු එනතුරු බලා සිටියෙමි. උදේට වැඩට යන්න කලින් ඔහුගේ බයික් එකේ ගේ වටේ රවුමක් ඔහුව බදාගෙන මා ගියෙමි. එසේ ගියේ නැතොත් එදා දවසෙම අම්මා සමඟ රණ්ඩු වේවි අඬ අඬා කාලය ගෙවුවෙමි. ඔහු හවස එන්න පරක්කු උනොත් මා දුකෙන් රෑ කෑමද නොකා සිටින අතර ඔහු පැමිණීමෙන් පසුව මා ඔහු සමඟ ඔරොප්පු මුඩ් එකෙන් සිටියෙමි. මට කවුරුන් හෝ මොනා හරි දෙයක් කිවුවොත් ඔහුට අතක් ඉස්සීමට ඔහු කිසි විටෙකත් දෙවාරයක් සිතන්නේ නැත. අම්මා මට බනිද්දි ඔහු නිතරම මගේ පැත්තට කතා කර අවසානයේ අම්මගෙන් බැනුම් අසා ඔවුන් දෙන්නා රණ්ඩු වේ. දවසක් මට සනීප නැති උනාම රෑ එලි වෙනකම් මගේ ලඟට වෙලා ඉස්පිරිතාලේ එක්කගෙන ගිහින් නැවත්තුවාම නිදා ගන්නේ නැතුව මහා රෑ එලි වෙනකම් කල් ගෙවුවේ ඔහුයි.. දෙන්න පුළුවන් හැමදේම ඉල්ලුව ගමන් නැතත් පුළුවන් වෙලාවට මට සියලු දේ අරන් දුන්නේ ඔහුයි. සතියකට සැරයක් බත් එක්ක මස් කෑල්ලක් කන්න හැමදාමත් ඔහු අමතක කරේ නම් නෑ. අවුරුදු 5 කට පසු අම්මගේ උකුලෙමයි .. තාත්තා මාත් එක්ක කතා කරන්න්නෙත් නෑ... මං කතා කරන්නෙත් නෑ.. ...